ඉන්දියාවේ සිට හම්බන්තොට දක්වා යාත්‍රා කරමින් තිබූ එම නෞකාවේ රෝගාතුර වූ මඟි කාන්තාවක් සිටින බැව් නාවික හමුදාවට තොරතුරු ලැබී ඇත. එම තොරතුරු ලද විගස බටහිර නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක යාත්‍රාවක් රෝගි කාන්තාව රැගෙන ඒම සඳහා පිටත් කර යැවීමට නාවික හමුදාව කටයුතු කළේය.
ඒ අනුව කොළඹ ප්‍රදීපාගාරයේ සිට නාවික සැතපුම් 18 ක් දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේදී එම රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත නංවාගෙන නිරුපද්‍රිතව කොළඹ වරාය වෙත රැගෙන එන ලදී. ඉන් අනතුරුව ඔහු වෛද්‍ය ප්‍රථිකාර සඳහා කොළඹ පිහිටි නවලෝක රෝහල වෙත ඇතුළත් කිරීමට කටයුතු කෙරිණ.


