සේනා නුවරඑළියටත් ඇවිත් (වීඩියෝ)

ජන 19, 2019
  • සේනා දළඹු උවදුර නුවරඑළිය දිස්ත්‍රික්කයට ද ව්‍යාප්තව වී තිබේ.

    ඒ අනූව ප්‍රදේශයේ එළවළු හා තේ වගාව ද අවදානමට ලක්ව ඇති බව, ගොවීන් පවසයි. හැටන්, රුවන්පුර ප්‍රදේශයේ ගොවිපොළක බඩඉරිඟු වගාවක් සේනා දළඹු උවදුරට ලක්ව ඇති බව සනාථ වී තිබේ. අදාළ ගොවිපොළේ එළවළු වගාවට අමතරව, බඩඉරිඟු වගාව අතිරේක බෝගයක් ලෙස වගාකර තිබිණ.

    දින කිහිපයක සිට වගා කර තිබු බඩ ඉරිගු ගස් කිසියම් කෘමියෙකු විසින් විනාශ කරන බවට ඔහුට හැගි ගිය නිසා ඔහු ඒ පිලිබදව සොයා බැලිමේදි බඩ ඉරිගු ගස් වල සේනා දළඹුන්  සහ සේනා දළඹුන්  බිත්තර දමා ඇති බවට තහවුරු විමත් සමගම වගා කර තිබු බඩ ඉරිගු ගස් කපා විනාශ කිරිමට එම ගොවියා  පියවර ගෙන ඇත. 

    හැටන් සහ නුවරඑළිය ප්‍රදේශවල පවත්වාගෙන යන සත්ව ගොවිපොලවල් සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශයකින් තොරව සත්ව ආහාර සහ බඩඉරිඟු ගස් ප්‍රවාහනය කරන අතර, එමගින් මෙම උවදුර ප්‍රදේශයේ ව්‍යාප්ත වන්නට ඇතැයි, ගොවීන් පවසයි.

     

     

     

    Last modified on සෙනසුරාදා, 19 ජනවාරි 2019 21:24

    Latest News