පළමු හා 2වැනි ආශ්‍රිතයින් 30,000ක් ස්වයං නිරෝධායනයේ

නොවැ 20, 2020

    ඊයේ (19) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 18,838 ක් වන අතර ඉන් පුද්ගලයින් 12,902 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    ඊයේ (19) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,867 දෙනෙක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (20) දින උදෑසන 6.00 වනවිට (පසුගිය පැය 24 තුළ) රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 316 ක් පූර්ණ සුවය ලබා පිටව ගොස් තිබේ.

    අද  උදෑසන වනවිට, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

    අද  උදෑසන වනවිට (පසුගිය පැය 24 තුළ) ශ්‍රී ලංකාව තුළින් කොවිඩ්-19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් ඇති අතර එම පුද්ගලයින් අතරින් දෙදෙනෙකු වයස අවුරුදු 27 සහ 59 කාන්තාවන් වන අතර අනෙක් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 70 සහ 86 පිරිමි පුද්ගලයින් වේ.

    ඔවුන් කොළඹ 15, කොළඹ 10, කළුතර පොකුණු විට සහ කළුතර හල්තොට ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් ලෙස වාර්තා වේ. ඒ අනුව, අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් - 19 ආසාදිත සම්පුර්ණ මරණ සංඛ්‍යාව 73 ක් දක්වා ඉහළ ගොස් ඇත.

    Last modified on සිකුරාදා, 20 නොවැම්බර් 2020 09:59

    Latest News