නව චීන තානාපති ජනපතිට සිය අක්ත පත්‍රය බාර දෙයි

නොවැ 20, 2020

    ශ්‍රී ලංකාවේ නව චීන තානාපති ජී චෙන් හොං මහතා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා වෙත සිය අක්ත පත්‍රය බාර දෙයි.

    ඊයේ (09) ජනාධිපති මන්දිරයේදී එම හමුව සිදුවිය.

    චීන ජනාධිපති ෂී ජින් පිං මහතා වෙත සිය සුභාශිංසන පිරිනමන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජී චෙන් හොං මහතා වෙත එහිදී සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ නව චීන තානාපතිවරයාගේ පැමිණීම උණුසුම් ලෙස පිළිගන්නා බව ද හෙතෙම පැවසීය.

    ශ්‍රී ලංකාවේ ත්‍රස්ත මර්දනය, ජාතික එක්සත්භාවය සහ පශ්චාත් යුද සමයේ ප්‍රතිසංවර්ධනය වෙනුවෙන් චීනය ලබා දුන් ස්ථිර සහය ගෝඨාභය රාජපක්ෂ මහතා සිහිපත් කළේය.

    තමන් 13 වතාවක් චීනයේ සංචාරය කර තිබෙන බවත්, චීනය ලද විශිෂ්ට සංවර්ධන ජයග්‍රහණය සියැසින් දුටු බවත්, හෙතෙම කියා සිටියේය.

    චීනයේ සංවර්ධන රටාව අධ්‍යයනය කරමින් ග්‍රාමීය සංවර්ධනය, විද්‍යා තාක්ෂණය, අධ්‍යාපනය හා ආයෝජනය ඇතුළු ක්ෂේත්‍රවල චීනය සමග සහ‍යෝගිතාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටී.

    "එක් තීරයක් - එක් මාවතක්" වැඩපිළිවෙළ යටතේ නව චීන තානාපතිවරයා සමග එක්ව වඩාත් සංවර්ධන ප්‍රතිඵල අත්කර ගැනීමට බලාපොරොත්තු වන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සඳහන් කළේය.

    Latest News