මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 15,324ක්

නොවැ 20, 2020

    අද (20) දින උදෑසන වනවිට, මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලට සහ කොළඹ මාළු වෙළඳපලට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ් - 19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 15,324 ක් වේ.

    ඉන් පුද්ගලයින් 9,478 දෙනෙකු මේ වනවිට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත.

    මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුර             -             3,059

    කොළඹ මාළු වෙළඳපලේ පොකුර                    -           12,265

     

    ඊයේ (19) දින වනවිට, ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වු සම්පුර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 18,838 ක් වන අතර ඉන් පුද්ගලයින් 12,902 ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඊයේ (19) දින වනවිට රෝහල් ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,867 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    Latest News