නව ආසාදිතයින් 439ක්

නොවැ 20, 2020

    අද (20) දින උදෑසන වනවිට ශ්‍රී ලංකාවෙන් කොවිඩ් - 19 ආසාදිත පුද්ගලයින් 439 දෙනෙකු හඳුනාගෙන ඇත.

    ඉන් දේශියව පුද්ගලයින් 437 දෙනෙකු, විදේශීය රටවල සිට මෙරටට පැමිණි  විදේශීය මුහුදු ආරක්‍ෂකයෙකු සහ ඉන්දියාවේ සිට මෙරටට පැමි‍ණි එක් පුද්ගලයෙකු ලෙස වාර්තා වේ. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 305 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 58 ක් වේ.

    ඊයේ (19) දින රාත්‍රි 0910 පැයට පමණ කොවිඩ්-19 වෛරසය ආසාදනය වී අයිඩිඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇහැලිගොඩ ප්‍රදේශයේ පදිංචි මව සහ පුතා රෝහලෙන් පැනගොස් ඇති බවට වාර්තා වේ. මේ පිළිබඳ වැඩිදුර පරික්‍ෂණ කටයුතු පොලිසිය විසින් සිදුකරනු ලබයි.

    Latest News