අයවැය දෙවන වර කියවීමේ විවාදය අද

නොවැ 18, 2020

    අද (18) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය එහිදී පැවැත්වීමට නියමිතයි.

    අද සිට ලබන 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත් වේ.

    අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21වන දින පස්වරු 05.00 ට සිදු කිරීමට නියමිතයි.

    අයවැය කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 23 වැනි දින සිට දෙසැම්බර් 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර තෙවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 10 වන දින පස්වරු 05.00ට සිදු කෙරෙනු ඇති.

    2021 වර්ෂයට අදාළ අයවැය වාර්තාව මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.

    Latest News