බෝගම්බර ‍රැඳවියෙක් පළා යයි..තවත් රැඳවියෙක් මරුට

නොවැ 18, 2020

    මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයෙන් පළා යෑමට තැත්කළ රැඳවියෙක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් තුන් දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මහතා ප්‍රකාශ කරයි.

    මෙලෙස බන්ධනාගාරයේ තාප්පයෙන් පැන යෑමට උත්සහ කර ඇත්තේ,නිරෝධායනයට ලක්කර සිටින රැඳවියන් පස් දෙනෙක්.

    ඉන් එක් අයෙක් පළාගොස් ඇති බවයි, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. මෙම රැඳවියන් පස් දෙනාම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත කළ අයයි.

    Latest News