විදේශයන් හි සිට 85ක් අද මෙරටට

නොවැ 17, 2020

    අද (17) උදෑසන ඩුබායි සිට පුද්ගලයින් 26 ක්, දෝහා කටාර් සිට පුද්ගලයින් 59 ක් පැමිණ ඇත.

    එසේ පැමිණි පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර තිබේ.

    අද (17) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 33 ක් තුළ පුද්ගලයින් 3,281 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ‍අද (17) දින උදෑසන වනවිට, කොවිඩ් - 19 වෛරසය ආසාදනය වු පුද්ගලයින්ගේ පළමු සහ දෙවන ආශ්‍රිතයින් 30,000 ක් පමණ ස්වයං නිරෝධායනයට ලක් කර ඇත.

    ඊයේ (16) දිනය තුල PCR පරික්ෂෙණ 10,713 ක් සිදුකර ඇත.

    Latest News