ඉතියෝපියාවේ සහ කටාර්‌ හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින්‌ පිරිසක්‌ දිවයිනට

ජූලි 06, 2020

    කොවිඩ්19 ව්‍යාප්තිය හේතුවෙන්‌ මෙරටට පැමිණීමට නොහැකිව ඉතියෝපියාවේ සහ කටාර්‌ හි රැඳී සිටි ශ්‍රී ලාංකිකයින්‌ පිරිසක්‌ අද දිවයිනට පැමිණියා.

    ඒ, ශ්‍රී ලංකන්‌ ගුවන්‌ සේවයට අයත්‌ විශේෂ ගුවන්‌ යානා දෙකකින්‌.

    ඒ අනුව, ඉතියෝපියාවේ සිට පුද්ගලයින්‌ 232 දෙනෙකු හා කටාර්‌ හි සිට පුද්ගලයින්‌ 7 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා. ඔවුන්‌ කටුනායක ගුවන්තොටුපළේදී PCR පරීක්‍ෂණයකට ලක්‌ කෙරුණු අතර, අනතුරුව ඔවුන් නිරෝධායනය සඳහා යොමු කෙරුණා.

    Latest News