අද (21) විදේශයන්හි සිට පැමිණෙන පිරිස

ජන 21, 2021

    අද (21) දින උදෑසන කටාර් සිට පුද්ගලයින් 17 දෙනෙකු, සවුදි අරාබියේ සිට පුද්ගලයින් 76 දෙනෙකු, කොරියාවේ සිට පුද්ගලයින් 13 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

    එසේම, අද (21) දිනය තුළ ඕමානයේ සිට පුද්ගලයින් 50 දෙනෙකු, මාලදිවයිනේ සිට පුද්ගලයින් 19 දෙනෙකු, පකිස්තානයේ සිට පුද්ගලයින් 02 දෙනෙකු, තුර්කියේ සිට පුද්ගලයින් 15 දෙනෙකු, පකිස්තානයේ සිට පුද්ගලයින් 05 දෙනෙකු, බහරේන් සිට පුද්ගලයින් 186 දෙනෙකු, එක්සත් අරාබි එමිර් රාජ්‍යය සිට පුද්ගලයින් 75 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    අද (21) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 96 ක් තුළ පුද්ගලයින් 7,842 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    ඊයේ (20) දිනය තුල PCR පරික්‍ෂණ 18,072 ක් සිදුකර ඇත.

    Latest News