අද විදේශයන්හි සිට පැමිණෙන පිරිස

ජන 14, 2021

    අද (14) උදෑසන එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 66 දෙනෙකු, කටාර් සිට පුද්ගලයින් 45 දෙනෙකු සහ දකුණු කොරියාවේ සිට පුද්ගලයින් 95 දෙනෙකු මෙරටට පැමිණ ඇත.

    එසේම, අද දිනය තුළ ඉතියෝපියාවේ සිට තවත් පුද්ගලයින් පිරිසක්, ඕමානයේ සිට පුද්ගලයින් 50 දෙනෙකු, නේදර්ලන්තයේ සිට පුද්ගලයින් 12 දෙනෙකු, මාලදිවයිනේ සිට පුද්ගලයින් 31 දෙනෙකු, පකිස්තානයේ සිට පුද්ගලයින් දෙදෙනෙකු, තුර්කියේ සිට පුද්ගලයින් 08 දෙනෙකු, ඕමානයේ සිට පුද්ගලයින් 290 දෙනෙකු, ඊශ්‍රලයේ සිට පුද්ගලයින් 119 දෙනෙකු සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 75 දෙනෙකු දිවයිනට පැමිණිමට නියමිතව ඇත.

    එසේ පැමිණෙන සියලු පුද්ගලයින් ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම් කර ඇත.

    මේ වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 81 ක් තුළ පුද්ගලයින් 6,703 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

    එමෙන්ම ඊයේ (13) දිනය තුල PCR පරික්‍ෂණ 14,329 ක් සිදුකර ඇත.

    Latest News