අද ඉතියෝපියාවේ සිට 78ක් ශ්‍රී ලංකාවට

නොවැ 16, 2020

    අද (16) උදෑසන‌ දොහා කටාර්‌ සිට පුද්ගලයින්‌ 12ක්‌, ඉතියොපියාවේ සිට පුද්ගලයින්‌ 78 ක්‌ සහ ජපානයේ සිට එක්‌ පුද්ගලයෙකු මෙරටට පැමිණ ඇත.

    එසේම, අද (16) දින තුළ‌ ලාහෝර්‌ සිට පුද්ගලයින්‌ 05 ක්‌ සහ මුම්බායි සිට පුද්ගලයින්‌ 22 ක්‌ මෙරටට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන පුද්ගලයින්‌ ත්‍රිවිධ හමුදාව මගින්‌ පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායන කටයුතු සඳහා යොමු කිරීමට කටයුතු සූදානම්‌ කර තිබේ.

    අද (16) දිනයේදී ත්‍රිවිධ හමුදාව මගින්‌ පාලනය කරනු ලබන නිරෝධායන මධාස්ථාන 33 ක්‌ තුළ පුද්ගලයින්‌ 3,168 දෙනෙක් නිරෝධායනය වෙමින්‌ සිටිති

    ඊයේ (15) දිනය තුල PCR පරික්‍ෂණ 11,130 ක්‌ සිදුකර ඇත.

    Latest News