සේනාට එරෙහි සටනට ගොවීන්ට අත්වැලක්

ජන 17, 2019

    බඩ ඉරිඟු සහ උක් වගාවල බෙහෙවින් ව්‍යාප්තව පවතින සේනා දළඹු උවදුර, වෙනත් භෝග කෙරෙහි ද ව්‍යාප්තවීම වැළැක්වීම කෙරෙහි අවධානය යොමු වෙයි.

    ව්‍යාපෘතියට විශ්වවිද්‍යාල සිසුන්ගේ ද සහය හිමිවන බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.සේනා දළඹු මර්දනය සඳහා ක්‍රියාත්මක සති දෙකක ක්‍රියාන්විතය, සාර්ථකව ක්‍රියාත්මක බව, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරසේකර මහතා කියා සිටී.

    මේ යටතේ දෙපාර්තමේන්තුව මගින් බඩ ඉරිඟු සහ උක්ගොවීන් වෙත කෘමිනාශක වර්ග 5ක් ද හඳුන්වා දී තිබේ. එහි ප්‍රතිඵල සාර්ථක වුව ද, දිගුකාලීන තවත් විසඳුම් කෙරෙහි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව ඇති බව, අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයා සඳහන් කළේය.

    සේනා දළඹු මර්ධනය සඳහා ක්‍රියාත්මක සති දෙකක ක්‍රියාන්විතය අවසානයේ සාර්ථක ප්‍රගතියක් අත්කර ගනු ඇති බව, කෘෂිකර්ම අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටී.

    Latest News