රටවල් 43ක් - පදක්කම් 186ක සටනක් හෙට දෝහා සිට

අප්‍රේ 20, 2019

    දෝහා කටාර් හීදී හෙට (21) ආර­ම්භ­වන 23වැනි ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­ව­ලිය මේ 24වැනිදා දක්වා දෝහා කටාර් කලීෆා ක්‍රීඩාං­ග­ණ­යේදී සිවු දිනක් පැවැ­ත්වීමට නියමිතයි.

    ආසි­යාවේ රට­වල් 43කින් ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් 700කට ආසන්න පිරි­සක් සහ­භා­ගී­වන මෙම ශූර­තා­ව­ලි­යේදී ඉසව් 43ක් වෙනු­වෙන් පද­ක්කම් 186ක් ප්‍රධා­නය කෙරේ. දෝහා හී මේ දින­වල සෙල්සි­යස් අංශක 32ක පමණ උෂ්ණ­ත්ව­යක් ඇති හෙයින් කලීෆා ක්‍රීඩාං­ග­ණය තුල සවි­කර ඇති පරි­ස­රය සිසිල් කරන වායු­ස­මී­ක­රණ පද්ධ­තිය ක්‍රියා­ත්මක කිරී­මට සැල­සුම් කොට ඇත. එම­ගින් මලල ක්‍රීඩා­වට යෝග්‍ය සෙල්සි­යස් අංශක 24ක පමණ උෂ්ණ­ත්ව­යක් ක්‍රීඩාං­ග­ණය තුල විච­ල­න­ය­කින් තොරව රදවා තබා ගැනීම අපේ­ක්ෂා­වවී තිබේ.

    පළමු දින­ය­වන අද දිනයේ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 7ක් තරග බිමට පිවි­සෙන අතර මීටර් 800 කාන්තා පළමු වටයේ තර­ග­යට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩා­යමේ නායිකා නිමාලී ලිය­නා­රච්චි මුලින්ම සහ­භාගී වේ. ඇය සමග එම ඉස­ව්වට ගය­න්තිකා අඹේ­රත්න සහ­භාගී වන අතර මීටර් 800 පිරිමි මූලික වටයේ තර­ග­යට රුසිරු චතු­රංග එක්වේ.

    අව­ස­න්ව­රට ඉන්දි­යාවේ බුබ­නේ­ස්වර් ක්‍රීඩාං­ග­ණයේ පැවැති 22වැනි ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යේදී මීටර් 800 ඉස­ව්වෙන් නිමාලී ලිය­නා­රච්චි රන් පද­ක්ක­මක් හා ගය­න්තිකා අඹේ­රත්න රිදී පද­ක්ක­මක් දිනා ඇති හෙයින් මේ දෙදෙනා කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමුව පවතී.

    තුම් පිම්ම පිරිමි සුදු­සු­කම් ලැබීමේ තර­ග­යට ග්‍රේෂන් ධනං­ජය එක්වන අතර ඔහු පසු­ගි­යදා කොළඹ සුග­ත­දාස පිටියේ පැවැති තේරීම් තර­ග­යේදී මීටර් 16. 71කින් ශ්‍රී ලංකා වාර්තාව බිහි කළේය. මීටර් 400 පිරිමි හා කාන්තා මූලික වටයේ තර­ග­ව­ලට අජිත් ප්‍රේම­කු­මාර හා නදීෂා රාම­නා­යක සහ­භාගී වෙති. ඔවුන් දක්වන දස්කම් අනුව අද දින­යේම පැවැ­ත්වෙන මීටර් 400 පිරිමි අව­සන් පූර්ව තර­ග­යට හා මීටර් 400 කාන්තා අව­සන් තර­ග­යට සුදු­සු­කම් ලබනු ඇතැයි අපේක්ෂා කෙරේ.

    ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­ව­ලිය ඉලක්ක කොට කොළඹ සුග­ත­දාස ක්‍රීඩාං­ග­ණ­යේදී මෙයට සති දෙක­කට පෙර පැවැති තේරීම් තර­ග­යේදී මීටර් 100 පිරිමි ඉසව්ව තත්. 10. 22කින් නිම­කොට නව ශ්‍රී ලංකා වාර්තා­වක් බිහි කිරී­මට සමත්වූ හිමාෂ ඒෂාන් එම සුපු­රුදු ඉසව්වේ මූලික වටයේ තර­ග­යට එක්වීම විශේ­ෂ­ත්ව­යකි.

    මෙම මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සහ­භා­ගී­වන ශ්‍රී ලංකා පිල මෙයට දින තුන­කට පෙර දෝහා වෙත පැමිණි අතර ඊයේ කලීෆා ක්‍රීඩාං­ග­ණයේ අව­සන් පුහුණු සැසි­යට එක්විය. එහිදී මලල ක්‍රීඩා පුහු­ණු­කරු සජිත් ජය­ලාල් මහතා පැවැ­සූවේ ශ්‍රී ලංකා­වේදී වාර්තා කළ දස්කම් මෙම තර­ගා­ව­ලි­යේදී වාර්තා කිරී­මට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් සමත් වුව­හොත් පද­ක්කම් 5ක් දිනා ගැනීම අප­හසු නොවන බවයි. “ හැම­දාම අපට වෙන දෙයක් තමයි තේරීම් තර­ග­ව­ලදී පෙන්වන දක්ෂතා විදෙ­ස්ග­තවී පැවැ­ත්වෙන ජාත්‍ය­න්තර තර­ග­ය­කදී දකින්න නොළැ­ඹීම. ඒ දුර්ව­ල­තාව මඟ හර­වා­ගෙන හොද මාන­සි­ක­ත්ව­ය­කින් මේ තර­ග­යට අපේ ක්‍රීඩක ක්‍රීඩි­කා­වන් පිවි­සි­ය­හොත් පද­ක්කම් දිනා ගැනීම අභි­යෝ­ග­යක් නොවෙයි“ ජය­ලාල් මහතා පැවැ­සීය.

    ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­වලි ඉති­හා­සයේ ශ්‍රී ලංකාව මෙතෙක් රන් පද­ක්කම් 19ක් රිදී පද­ක්කම් 14ක් හා ලෝකඩ පද­ක්කම් 19ක් දිනා ඇත. නිමාවූ ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­වලි 22කදී චීනය රන් පද­ක්කම් 308ක් රිදී පද­ක්කම් 206ක් හා ලෝකඩ පද­ක්කම් 113ක් දිනා ඇති අතර ජපා­නය රන් පද­ක්කම් 151ක් රිදී පද­ක්කම් 191ක් හා ලෝකඩ පද­ක්කම් 212ක් දිනා දෙවැනි තැන සිටී.

    ආසි­යානු මලල ක්‍රීඩා ශූර­තා­ව­ලි­යට සහ­භා­ගීවී සිටින ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩා­යම මෙසේය:

    පිරිමි

    හිමාෂ ඒෂාන් (මීටර් 100 පිරිමි), ග්‍රේෂන් ධනං­ජය (තුම් පිම්ම පිරිමි), සුමේධ රණ­සිංහ (හෙල්ල විසි කිරීම පිරිමි), ධනුෂ්ක සද­රු­වන් පිය­රත්න (දුර පැනීම පිරිමි), ජනක විම­ල­සිරි (දුර පැනීම පිරිමි), අජිත් ප්‍රේම­කු­මාර ( මීටර් 400 පිරිමි), රුසිරු චතු­රංග ( මීටර් 800 පිරිමි)

    කාන්තා

    නිමාලී ලිය­නා­රච්චි (මීටර් 800 කාන්තා හා මීටර් 400 සහාය දිවීම කාන්තා), ගය­න්තිකා අඹේ­රත්න (මීටර් 800 කාන්තා), නිලානී රත්නා­යක (මීටර් 3000 බාධක දිවීම කාන්තා), නදීෂා රාම­නා­යක (මීටර් 400 කාන්තා, මීටර් 400 සහාය දිවීම කාන්තා), විදූෂා ලක්ෂාණී (තුම්පිම්ම කාන්තා), උප­මා­ලිකා රත්න­කු­මාරී (මීටර් 400 සහාය දිවීම කාන්තා), දිල්ෂි කුමා­ර­සිංහ (මීටර් 400 සහාය දිවීම කාන්තා)

    Last modified on සෙනසුරාදා, 20 අප්‍රේල් 2019 12:15

    Latest News