මිනුවන්ගොඩ - පෑලියගොඩ පොකුර 12,690ක්

නොවැ 14, 2020

    අද (14) උදෑසන වන විට මිනුවන්ගොඩ,ඇඟලුම් කම්හලට හා කොළඹ මාළු වෙළෙඳපොළට සම්බන්ධ පොකුරෙන් වාර්තා වූ කොවිඩ්-19 වෛරසය ආසාදිත සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 12,690ක් වෙයි.

    ඉන් පුද්ගලයින් 7,606 දෙනෙක් මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් ඇත. ඒ මිනුවන්ගොඩ පොකුරෙන් 3106ක් හා 9584ක් ලෙසයි.

    ඊයේ දිනය වන විට ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 16,190ක් වන අතර ඉන් පුද්ගලයින් 11,030ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් බැහැරව ගොස් තිබේ. ඊයේ (13) දින වන විට රෝහල් ගතව සහ රෝගීන් රැකබලාගැනීමේ මධ්‍යස්ථාන තුළ පුද්ගලයින් 5,107ක් තවදුරටත් ප්‍රතිකාර ලබයි.

    අද (14) උදෑසන වන විට (පසුගිය පැය 24ට) ශ්‍රී ලංකාව තුළ කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් පස් දෙනෙක් මියගොස් ඇත. මෙලෙස මියගිය පුද්ගලයින් කොළඹ 13, කොළඹ 14, හලාවත හා රත්මලාන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් වෙයි.

    ඒ අනූව මෙරට තුළ කොවිඩ්-19 ආසාදිත සම්පූර්ණ මරණ සංඛ්‍යාව 53 දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News