දීපාවලී දිනය අදයි

නොවැ 14, 2020

    ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපාවලී උත්සවය සමරයි. ඒ නිමිත්තෙන් හින්දු කෝවිල්වල විශේෂ පුද පූජාවන් පැවැත්වේ.

    දීපාවලී උත්සව දිනයේ දී අඳුර තුරන් වී ජීවිතයට නව ආලෝකයක් උදාවන බව හින්දු බැතිමතුන් විශ්වාස කරයි. එක්තරා කාලයක දී නරගාසුරන් නමැති අසුරයා විසින් සුරයන්ට බොහෝ පීඩාවන් ලබාදුනි.

    තම ජීවිතය බේරා දෙන ලෙස සුරයන් විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කරනු ලබයි. එම ඉල්ලීමට සවන් දුන් විෂ්ණු දෙවියන්, තමා නරගාසුරන් නමැති අසුරයා විනාශ කරන බව පැවසුවේය. ඉන් පසු නරගාසුරන් සහ විෂ්ණු දෙවිඳුන් අතර පැවති යුද්ධයේ දී විෂ්ණු දෙවිඳුන් විසින් නරගාසුරන් සහ විනාශ කරනු ලැබීය. තමා මිය යන විට දවස ලොව පුරා වෙසෙන ජනතාව සැමරිය යුතු බවයි, නරගාසුරන් විෂ්ණු දෙවිඳුන්ගෙන් ඉල්ලීමක් කළේය.

    ඒ අනූවයි, හින්දු ජනතාව දීපාවලී උත්සවය සමරනු ලබන්නේ. දීපාවලී දිනයේ දී හින්දු ජනතාව අලුයම අවදිවී, තම නිවාස අලංකාරවත් කරයි. අනතුරුව, කෝවිල් වෙත ගොස් ප්‍රථමයෙන් ඝන දෙවිඳුන් වැඳ පුදා ගනී. ඉන් අනතුරුව විෂ්ණු දෙවිඳුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබාගනී.

    Last modified on සෙනසුරාදා, 14 නොවැම්බර් 2020 09:41

    Latest News