කුඩාවැල්ල තරුණියක්ටත් කොරෝනා

නොවැ 13, 2020

    කුඩාවැල්ල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණියකට ද කොවිඩ් 19 රෝගය වැළඳී ඇති බවට ඊයේ හඳුනා ගැනිණ.

    හිසේ කැක්කුමක් හේතුවෙන් ඉකුත් 9 වැනිදා තංගල්ල මූලික රෝහලට ඇතුළත් වී ඇති අතර එම රෝහලේ සැකකටයුතු රෝගීන් සඳහා ප්‍රතිකාර කරන වාට්ටුවේ දී ඇයට ප්‍රතිකාර කර තිබේ.

    රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ සිදුකළ පීසීආර් පරීක්ෂණයෙන් ඇය කොවිඩ් 19 රෝගියෙක් ලෙස හඳුනාගෙන නොමැති අතර ඉකුත් 11 වැනිදා ඇය නැවතත් පීසීආර් පරීක්ෂණයකට යොමු කර තිබේ.

    එදින ඇය රෝහලෙන් පිටව ගොස් ඇති අතර පීසීආර් පරීක්ෂණ වාර්තා අනූව කොවිඩ් 19 ආසාදිතයෙක් ලෙස හඳුනා ගත් බවයි,තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ.

    Latest News