පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 12,000 ඉක්මවයි

නොවැ 13, 2020

    තවත් කොරෝනා ආසාදිතයින් 373 දෙනෙක් ඊයේ (12) වාර්තාවීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 15,723ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව දෙකක්. ඒ අනූව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 48ක්.
    ඊ‍යේ දිනයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 369ක් පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර ඉතිරි 4 දෙනා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට මෙරටට පැමිණ නිරෝධායනයට යොමුකර සිටි අය බවයි,රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ. පෑලියගොඩ හා මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව 12,227ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අනූව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5022ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 10,653ක් බවයි,වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ.

    Last modified on සිකුරාදා, 13 නොවැම්බර් 2020 09:29

    Latest News