ප්‍රාදේශීය මට්ටමින් විශ්වවිද්‍යාල 10 ක් ඇරඹේ

නොවැ 12, 2020

    ප්‍රාදේශීය මට්ටමින් විශ්වවිද්‍යාල 10 ක් ආරම්භ කිරීමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්වුණා.

    නව රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තියට අනුව ප්‍රාදේශීය මට්ටමින් විශ්වවිද්‍යාල ආරම්භ කිරීම සිදු කෙරන අතර දැනට උසස් අධ්‍යාපන ආයතන පිහිටා නැති දිස්ත්‍රික්ක 10 ක විශ්වවිද්‍යාල ආරම්භ කිරීමටයි සැළසුම් කර ඇත්තේ.

    ඒ පිළිබද විශේෂ සාකච්ඡාව පැවැත්වුණේ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්.

    අමාත්‍යවරුන් වන රෝහිත අබේගුණවර්ධන හා රමේෂ් පතිරණ යන මහත්වරුන් ද ඊට එක්ව සිටියා.

    මෙම යෝජනාවට කැබිනට් අනුමැතිය ලබාගැනීම, ඉදිකිරීම් කඩිනමින් ඇරඹීම ආදී කරුණු රැසක් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කෙරුණා.

    Latest News