විපක්ෂයේ සභාව කල්තැබීමේ යෝජනාව අද

නොවැ 13, 2020

    විපක්ෂය විසින් සභාව කල්තැබීමේ යෝජනාව අද (13) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ඉල්ලීමකට අනුව අද දිනයේදීත් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කර තිබේ.

    එහිදි විපක්ෂය විසින් ගෙන එනු ලබන සභාව කල්තැබීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිතයි.

    අද උදෑසන 10.00ට සුපුරුදු පරිදි කථානායක මහහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වෙනු ඇති.

    Latest News