නිරෝධායන අවසන් පිරිසක් අදත් නිවෙස් වෙත

නොවැ 12, 2020

    අද දිනය (12) තුළ දී ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් දෙදෙනෙක් (02) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.

    එසේම, අද දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 29ක් තුළ පුද්ගලයින් 2,690ක් නිරෝධායනය වෙමින් සිටියි. ඊයේ දිනය තුලදී පීසීආර් පරීක්ෂණ 10,207ක් සිදුකර ඇති අතර,මේ වන විට ශ්‍රී ලංකාව තුළ පීසීආර් පරීක්ෂණ 629,315 ප්‍රමාණයක් සිදුකර තිබේ.

    අද දින උදෑසන 6.00 වන විට පුද්ගලයින් 646ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිට ගොස් තිබේ.

    Latest News