මැතිවරණ කොමිසමේ නිල කාලය අදින් අවසන්

නොවැ 12, 2020

    ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ නිල කාලය අදින්(12) අවසන් වේ.

    එම කොමිෂන් සභාව ස්ථාපිත කෙරුණේ, 2015 වසරේ නොවැම්බර් මස 13 වැනි දිනයි.

    ජාතික මැතිවරණ කොමිෂන් සභාව සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වු අතර, මහින්ද දේශප්‍රිය මහතා එහි සභාපති ලෙස කටයුතු කළේය.

    මහාචාර්ය රත්නජීවන් හූල් සහ ජනාධිපති නිතිඥ නලීන් අබේසේකර එහි සෙසු සාමාජිකයින්වෙවේ.

    20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව, නව කොමිෂන් සභාව සාමාජිකයින් 05 දෙනෙකුගෙන් සමන්විත විය යුතුයි.

    එහෙත් මේ දක්වා එම සාමාජිකයින් පත්කර නොමැත.

    ජනාධිපති ගෝඨාභාය රාජපක්ෂ මහතා විසින් නම් කරනු ලබන සාමාජිකයින් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු සභාවේ නිරික්ෂණ ලැබීමෙන් පසු, කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයි පත්කෙරේ.

    Latest News