හංවැල්ල පවුල් 8ක් ස්වයං නිරෝධායනයට

නොවැ 12, 2020

    හංවැල්ල,පහත්ගම,ගල්මුල්ල ප්‍රදේශයෙන් කො‍විඩ් ආසාදිත අයෙක් වාර්තාවීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 8කට අයත් පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමට හංවැල්ල මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් කටයුතු කළේය.

    හදිසි අනතුරකට ලක්ව සිටි තරුණයෙක් ශල්‍ය කර්මයක් සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිදුකළ පීසීආර් පරීක්ෂණයේ දී ඔහුට කොවිඩ් ආසාධනය වී ඇති බව තහවුරු වී තිබේ.

    අනතුරුව ඔහු ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යැවීමට කටයුතු කළේය. මෙම තරුණයාගේ මව අවිස්සාවේල්ල සීතාවක කර්මාන්තපුරයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන අතර ඇය ද ඊයේ දින පීසීආර් පරීක්ෂණයට භාජනය කර තිබේ. මෙම තරුණයා පසුගිය දින කිහිපයේ දී කිහිලිකරු ආධාරයෙන් ගමන් කර ඇති නිවෙස් 8ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කෙරිණ.

    Last modified on බ්‍රහස්පතින්දා, 12 නොවැම්බර් 2020 16:02

    Latest News