බස්නාහිරින් පිටවන පුද්ගලයින් ස්වයං නිරෝධායනයට

නොවැ 12, 2020

    සංචරණ සීමා පැනවීමෙන් අනතුරුව බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට ගොස් සිටින පුද්ගලයින් ස්වයං නිරෝධායනයට ලක්කිරීමට තිරණය කර ඇත.

    දිවයිනේ සෑම පොලිස් ස්ථානයකටම ඒ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බවයි,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

    ඔහු පවසන්නේ එලෙස යම් පුද්ගලයෙක් බස්නාහිර පළාතේ සිට වෙනත් පළාතකට ගොස් සිටින්නේනම් ඔවුන් සෞඛ්‍ය බලධාරීන් සමග මැදිහත් වී ස්වයං නිරෝධායනයට ලක්කිරීමට පියවර ගන්නා බවයි.

    බස්නාහිර පළාතෙන් පිටවීම ඊයේ රාත්‍රී සිට ඉරිදා මධ්‍යම රාත්‍රී දක්වා තහනම් කිරීමට රජය පියවර ගනු ලැබීය. බස්නාහිර පළාතේ සිට වෙනත් ප්‍රදේශවලට දුම්රිය සේවාවන් ක්‍රියාත්මක කිරීම ලබන 15 වැනිදා මධ්‍යම රාත්‍රිය දක්වා අත්හිටුවන බවයි,දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Latest News