මේ වසරේ ආදායම් - වියදම් අද පාර්ලිමේන්තුවට

නොවැ 12, 2020

    මේ වසරේ ආදායම් වියදම් ඇතුළත් 2020 විසර්ජන කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    ඒ මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්. අද පෙරවරු 10.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. ඒ උපරිම සෞඛ්‍යරක්ෂිත ක්‍රමවේදයන්ට අනුකුලවයි. 2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදය අද පස්වරු 5.00 දක්වා පැවැත්වෙයි.

    දෙවැනි වර කියවීමේ ඡන්ද විමසී‍ම පැවැත්වෙන්නේ,ඉන් අනතුරුවයි. කරාක සභා අවස්ථාවේ සංශෝධන සමග වගන්ති සහ වැය ශීර්ෂ සම්මත කිරීමෙන් පසු ඡන්ද විමසීම ද අද පැවැත්වෙනු ඇති.

    ලබන වසර සදහා වන අයවැය ලබන 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙවර විශේෂත්වය,එකම වසරක් තුළ වසර දෙකක් සඳහා අයවැය මැති සබයට ඉදිරිපත් කිරීමයි. ඒ මේ වසර සහ ලබන වසර සඳහායි.

    Latest News