හික්කඩුවේ අතුරුදන්වූ නිවුන් දැරියන් මාවනැල්ලෙන් හමුවෙයි

සැප් 19, 2019

    හික්කඩුව අතුරුදන්වූ නිවුන් දැරියන් මාවනැල්ල,දනාගම නිවසක සිටියදී සොයාගෙන තිබේ.

    එම නිවසේ සිටි 21 හැවිරිදි තරුණයෙක් ද මාවනැල්ල පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් බවයි, පොලිස් මූලස්ථානය පවසන්නේ. දැරියන් දෙදෙනා පොළොන්නරුව ප්‍රදේශයට ගොස් නැවත මාවනැල්ල ප්‍රදේශයට පැමිණ ඇති බවට සීසීටීවී දර්ශන පරීක්ෂා කිරීමෙන් ලබාගත් තොරතුරු මත මෙම දැරියන් සොයාගෙන ඇත.

    පසුගිය 16 වැනිදා පෙ.ව 10.20ට පමණ හික්කඩුව, අමරසේන මාවතේ පදිංචිව සිටි මෙම 14 හැවිරිදි නිවුන් දැරියන් නිවසින් තනිවම බැහැරව ගොස් ඇති බවට දැරියන්ගේ පියාගේ සොයොහුරු (ලොකු තාත්තා) විසින් කළ පැමිණිල්ලකට අනූව හික්කඩුව පොලීසිය මගින් විමර්ශන ආරම්භ කෙරිණ.

     

    Last modified on බ්‍රහස්පතින්දා, 19 සැප්තැම්බර් 2019 15:26

    Latest News