මාවනැල්ල බුදුපිළිම කැඩූ 14 යළි අධිකරණයට

සැප් 05, 2019

    මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක බුදු පිළිමවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධ සැකකරුවන් 14 දෙනා මාවනැල්ල දිසා විනිසුරු උපුල් රාජකාරුණා මහතා වෙත අද යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, නඩු විභාගය ලබන 19 වැනිදා දක්වා කල්තැබිණ.

    පසුගිය ජනවාරි දෙවැනි දින හා ඊට ආසන්න දිනවල දී මාවනැල්ල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක පිහිටි බුදු පිළිමවලට කිසියම් පිරිසක් විසින් හානිකර තිබිණ. මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා රාජ්‍ය බුද්ධි සේවය මාවනැල්ල පොලීසිය එක්ව සිදුකළ විමර්ශනවල දී අත්අඩංගුවට ගත් මෙම 14 දෙනා පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.

    තවත් පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරමින් සිටින බවයි, වාර්තා වන්නේ.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 05 සැප්තැම්බර් 2019 11:51

    Latest News