නිරෝධායන අවසන් 38ක් අදත් නිවෙස් වෙත

නොවැ 10, 2020

    අද දිනය තුළ (10) ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් තිස් අට දෙනෙක් (38) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.

    ඒ අනූව, සිට්රස් වස්කඩුව නිරෝධායන මධ්‍යස්ථානයෙන් එක් පුද්ගලයෙක්,හොටෙල් ජෙට්වින් බිලූ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් දෙදෙනෙක් හා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පාලනය කරනු ලබන බුවනෙක නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් තිස් පස් දෙනෙක් (35) පිටව යාමට නියමිතයි.

    එසේම, ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් අද (10) දිනය වන විට පුද්ගලයින් 64,075 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇති.

    එසේම, අද ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 27ක් තුළ පුද්ගලයින් 2,362ක් නිරෝධායනය වෙමින් සිටියි.

    Latest News