නිරෝධායන අවසන් කළ 14ක් බූස්සෙන් පිටව යයි

මැයි 09, 2020

    බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානය තුළ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ තවත් පුද්ගලයින් 14 දෙනෙක් පිටව ගොස් තිබේ.

    ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂණ රාජකාරීන්හි නියුතු පුද්ගලයින් 14 දෙනෙක් මෙලෙස පිටව ගොස් ඇති බව නාවික හමුදාව සඳහන් කළේය.

    පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුවයි මොවුන් නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පිටත් කර යැවුනේ. මේ වන විට පුද්ගලයින් 129ක් නිරෝධායනය අවසන් කර මෙම මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

    තවත් පුද්ගලයින් 55 දෙනෙක් එහි නිරෝධායන වෙමින් සිටින බව නාවික හමුදාව සඳහන් කරයි.

    Latest News