කොවිඩ්-19 පාලන ක්‍රියාදාමයන් ගැන ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට සුබ පැතුම් (වීඩියෝ)

නොවැ 04, 2020
  • කොවිඩ්-19 වසංගතය පාලන කිරීමේ ක්‍රියාදාමයන් පිළිබඳව ලෝක බැංකුව ශ්‍රී ලංකාවට සුබ පැතුම් එක්කරයි

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සහ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා අතර හමුවක් අද 2020.11.03 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

    මෙහිදී කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා රජයට ෆාරිස් හදද්-සර්වෝස් මහතා ප්‍රශංසා කළේය.

    ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර ඇති “සම්බන්ධතාවයට කෘතඥතාව” පළ කරමින් හදද්-සර්වෝස් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට පසුගිය මැතිවරණය ජයග්‍රහණයට

    පමණක් නොව, ශ්‍රී ලංකාව කොවිඩ්-19 වසංගතය පාලනය කරන ආකාරය ගැන ද සුබ පැතුම් එක් කළේය.

    කොවිඩ්-19 වසංගත තත්වයෙන් ඉක්මණින් ශ්‍රී ලංකාවෙන් පහව යාමට ප්‍රර්ථනා කරන බව ෆාරිස් හදද්-සර්වෝස් මහතා එහිදී පැවසීය.

    හදද්-සර්වෝස් මහතා සමඟ මාලදිවයිනේ සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු කළමණාකරු චියෝ-කන්ඩා මහත්මිය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියේය.

    වසර ගණනාවක් පුරා ලෝක බැංකුව ශ්‍රී ලංකාව සමඟ පවත්නා සමීප සහයෝගීතාවයට ස්තූතිය පුදකළ ශ්‍රී ලංකා නියෝජිතයෝ නව රජය එම සම්බන්ධතාවය අඛණ්ඩව පවත්වාගෙන යන බවට ද සහතික වූහ.

    කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ලෝක බැංකුව ශ්‍රී ලංකාවට විවිධ ආධාර වැඩසටහන් ඔස්සේ ලබාදුන් දායකත්වය අගය කිරීම ද එහිදී සිදු විය. මෙම වසර මුලදී වසංගතය ප්‍රථම වරට ව්‍යප්ත වී ගිය අවස්ථාවේ ආධාර ලබා දීමට ඉදිරිපත් වූ පළමු ආධාර දෙන ආයතනය ලෝක බැංකුවයි.

    ශ්‍රී ලංකාවට සහයෝගය දැක්විය හැකි හොඳම ආකාරයට සහය පළ කරමින් “මෙම අර්බුදය යහපත වෙනුවෙන් පරිවර්තනය කරගන්නේ කෙසේදැයි අපි බලමු” යැයි මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා පැවසීය.

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතා පිළිබඳව මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාවේ ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා විමසා සිටි අතර එහිදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කර සිටියේ කොවිඩ්-19 වසංගත තත්ත්වය පාලනය කර ගැනීම සහ ඉන් පසුව ආර්ථික සංවර්ධනය, මං මාවත්, පානීය ජලය, සනීපාරක්ෂාව සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයට රජය ප්‍රමුඛතා ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි.

    කෘෂිකාර්මික ක්ෂේත්‍රය පිළිබඳව ද අග්‍රාමාත්‍යතුමා හා ලෝක බැංකු අධ්‍යක්ෂතුමා සාකච්ඡා කළ අතර, කෘෂිකර්මාන්තයේ නියැලෙන ගෝවීන් සඳහා අගය එකතු කළ, ශ්‍රී ලාංකේය සන්නාමය සහිත නිෂ්පාදන ජාත්‍යන්තර වෙළදපොළට හඳුන්වාදීමේ හැකියාව සහ ඊට සහය පළ කිරීම ගැනද මෙහිදී නියෝජිත පිරිස සාකච්ඡා කළහ.

    ශ්‍රී ලංකාවේ ආයුර්වේද නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වශයෙන් විශාල ඉල්ලුමක් පවතින බව ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා හෙළි කළේය.

    සාකච්ඡාවට භාජනය වූ තවත් අංශයක් වූයේ චිත්රසපට සංචාරක ව්‍යපාරයයි. ඉතා දියුණු සංචාරක කර්මාන්තයක් පවතින ශ්‍රී ලංකාවට සංචාරක කර්මාන්තයේ මීළග පියවර ජයගැනීමට ලොව පුරා විනෝදාස්වාද කර්මාන්තය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන ආකර්ශනය කර ගැනීමට හැකියාව ඇති බව ලෝක බැංකු අධ්‍යක්ෂ ෆාරිස් හදද්-සර්වෝස් මහතා කියා සිටියේය.

    චිත්‍රපටයක හෝ රූපවාහිනී වැඩසටහනක රූගත ස්ථානයක් දැකීමට සැලැස්වීමෙන් එම ස්ථානයට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාවට සැලකිය යුතු බලපෑමක් ඇති කළ හැකි බව අධ්‍යයනවලින් හෙළි වී තිබේ. නවසීලන්තයේ පිහිටි ලෝඩ් ඔෆ් ද රින්ග්ස් සිනමා පටයේ රූගත ස්ථානය ඊට ප්‍රධනතම උදාහරණය බව මෙහිදී සාකච්ඡා විය.

    රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානය තමන් ජනාධිපතිධූරය දැරූ කාලයේදී සිනමා සංචාරක ව්‍යපාරය මනසේ තබා ගනිමින් ආරම්භ කළ බව පැවැසූ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පසුගිය වසර කිහිපය තුළ එය නිසි ලෙස භාවිතයට නොගත් බව කියා සිටියේය.

    ශ්‍රී ලංකාවේ රූගත කරන ලද ජනප්‍රිය චිත්‍රපට උදාහරණය වන - ද බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි, ඉන්දියානා ජෝන්ස්, ද ටෙම්පල් ඔෆ් ඩූම් සහ වෝටර් (The Bridge on the River Kwai, Indiana Jones and the Temple of Doom and Water) වැනි චිත්‍රපට දර්ශන තල සඳහා විශාල ඉල්ලුමක් ඇති බව මෙහිදී දෙපිරිසේ නියෝජිතයෝ කියා සිටියේය. චිත්‍රපට සංචාරක ව්‍යපාරයවැඩි දියුණු කිරීමට ලෝක බැංකුව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දුවක් දක්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙහිදී අවධාරණය කළේය.

    මෙම අවස්ථාව සඳහා මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා හා අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ මහතා ද එක්ව සිටියහ.

    Last modified on බදාදා, 04 නොවැම්බර් 2020 20:21

    Latest News