ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට අ.ඩො. මි. 700ක්

ජූනි 29, 2023

    ‍ශ්‍රී ලංකාවට ‍අමෙරිකානු ඩොලර් මිලියන 700 ක මූල්‍ය සහන පිරිනැමීමට ලෝක බැංකුව පියවර ගෙන තිබෙනවා.

    එය, වත්මන් ආර්ථික අර්බුදය පිටුදැකීම සඳහා ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවට පිරිනැමෙන විශාලතම මූල්‍ය පහසුකමයි.

    නව මූල්‍ය පහසුකම් පිරිනැමෙන්නේ ශ්‍රී ලංකා රජය සහ ලෝක බැංකුව අතර ඇති කර ගනු ලැබූ එකඟතාවක් අනුවයි. පසුගිය මාර්තු මාසයේ අයි එම් එෆ් මූල්‍ය පහසුකම අනුමත වීමත් සමග නව සහන වැඩපිළිවෙළ ඇරඹුණා. යෝජිත අරමුදලෙන් ඩොලර් මිලියන 500 ක් අය වැය ශක්තිමත් කිරීම සඳහා යෙදවෙන අතර, තවත් ඩොලර් මිලියන 200 ක් සමාජ සුබ සාධන ක්‍රියාවලිය සඳහා වෙන් කිරීමට යෝජිතයි.

    Latest News