කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 5858ක්

නොවැ 04, 2020

    කොවිඩ්-19 රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පිරිස 5858 දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙරටින් කොවිඩ්-19 රෝගය වැළඳුණු 274 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුර ආශ්‍රිත රෝගීන්ගේ සමීපතයින්. අනෙක් 7 දෙනා නිරෝධායන මධ්‍යස්ථානවල සිටි අයයි.

    ගෙන ඇති සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රියාමාර්ග හේතුවෙන්, බන්ධනාගාර තුළට කොවිඩ්-19 රෝගය ඇතුළුවීම වැළැක්වීමට හැකි වී ඇතැයි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැලෙන් මසුන් රැගෙන ගොස්, රත්නපුර ගිලීමලේ ප්‍ර දේශයේ වෙළෙඳාම් කළ අයෙකු ඇතුළු ඔහුගේ පවුලේ 7කට කොවිඩ්-19 රෝගය වැළඳී තිබේ. ඔවුන් ළඟින් ඇසුරු කළ 56කගේ පීසීආර් පරීක්‍ෂණ සිදු කෙරිණ.

    බගවන්තලාව ප්‍ර දේශයේ එකම ප වුලේ තිදෙනෙකුට ද කොවිඩ්-19 රෝගය වැළඳීී තිබේ. ඔවුන් ප්‍රත්ිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණු අතර, සමීපතමයන් ස්වයං නිරෝධානයේ පසුවේ.

    මඩකලපුව, කාත්තන්කුඩි ප්‍ර දේශයෙන් ද කොවිඩ්-19 රෝගියෙකු වාර්තා විය. ඔහු පදිංචිව සිටි කාත්තන්කුඩි අබ්රාර් ප්‍රදේශය හුදෙකලා කෙරිණ. ඔහු සබඳතා පැවැත්වූ සියලු දෙනා නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.

    හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය ආශ්‍රිතව මෙතෙක් වාර්තා වී ඇති කොවිඩ්-19 රෝගීන් 18කගේ සමීපතමයින්ගේ පීසීආර් පරීක්‍ෂණ සිදු කෙරිණ. 55ක් ඊට අයත්.

    බලපිටිය ආඳාදොළ ප්‍ර දේශයෙන්, වාර්තා වූ කොවිඩ්-19 රෝගියෙකු, ඉකුත් දිනෙක අම්බලන්ගොඩ, හිරේවත්ත ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වී තිබේ. ඔහුගේ ආශ්‍රිතයන් සොයා අම්බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරු මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

    එළඹෙන සඳුදා සිට ව්‍යාපාරික කටයුතු සඳහා විවෘත කිරීමට නියමිත වැලිසර විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයන් සහ සේවකයන්ගේ පීසීආර් පරීක්‍ෂණ සිදු කෙරිණ. 340ක් එම පිරිසට ඇතුළත්.

    පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව වාර්තා වූ කොවිඩ්-19 රෝගීන්ගේ සමීපතමයන් වන 186කගේ පීසීආර් පරීක්‍ෂණ අද සිදු කෙරුණේ දෙහිවලදී.

    නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ. උඩරට දුම්රිය මාර්ගයේ ධාවනය වන භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ද යළි දැනුම් දෙනතුරු එම දුම්රිය ස්ථානයේ නතර නොකෙරේ. ඒ, නානුඔය දුම්රිය ඉංජිනේරු කාර්යාලයේ සේවකයෙකුට කොවිඩ්-19 රෝගය වැළඳී තිබීම හේතුවෙන්. ඔහුගේ සමීපතමයන් 43ක් ස්වයං නිරෝධායනයට යොමු කෙරිණ.

    Latest News