ඕපාත සතිපොලේ මන්ත්‍රීට එරෙහි විරෝධයක්

ජන 15, 2019

    තවලම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරයකු මැර පිරිසක් සමග පැමිණ බලහත්කාරයෙන් බදු මුදල් එකතු කිරීමට එරෙහිව තවලම ඕපාත සතිපොළ ඉදිරිපිට වෙළෙන්දුන් අද (15) උද්ඝෝෂණයක නිරත වුහ.

    ඕපාත සතිපොළේ බදු මුදල් රුපියල් 30 කින් වැඩි කිරීමට තවලම ප්‍රාදේශීය සභාව ක්‍රියාකර කර ඇති අතර එම මුදල් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී වරයෙක් මැරවරයින් යොදා මුදල් ලබා ගැනීමට කටයුතු කල බව වෙළඳුන් පවසයි.

    සති පොළේ සනීපාරක්ෂාව සඳහා කිසිඳු සේවා පහසුකමක් ලබා නොදී රුපියල් 150 වූ බදු මුදල 180 දක්වා වැඩි කිරීමට ගැන ද ඔවුන් විරෝධය පල කළේය. පැය දෙකක කාලයක් සඳහා සතිපොලේ රුපියල් 180 ක් අය කිරීමට කටයුතු කලත් 180 ක් ලබාදීමට නොහැකි වෙළෙඳුන් බොහෝ පිරිසක් සිටින බව ඔවුන් පවසයි. ඒ සඳහා සාධාරණ පිළිතුරක් වෙනුවට මැරවරයින් සමග පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමට කටයුතු කිරීම සදාචාර සම්පන්න නොවන බව ද ඔවුහු කියා සිටි.

    ඉන් අනතුරුව උඩුගම - අකුරැස්ස මහා මාර්ගයේ එක්කොටසක සිටි උද්ගොෂකයින් වෙතට පැමිණි හිනිදුම පොලිස් ස්ථානයේ නිලධාරීන් දෙදෙනෙකු පිරිසට මාර්ගයෙන් ඉවත්වීමට නියෝග කිරීමත් සමග එහි දැඩි නොසන්සුන්තාවයක් ඇති විය. තවලම ප්‍රාදේශීය සභා සභාපති බන්දුල විජේසේකර මහතා එම ස්ථානයට පැමිණ පිරිස සමග සාකච්චා කළේය. පසු ඔහු කියා සිටියේ ගැටලුව සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියා මාර්ගයක් ගන්නා බවයි.

    Latest News