සෞඛ්‍ය ඇමතිගෙන් ගිලන් රථ 132ක්

ජන 15, 2019

    දිවයින පුරා පිහිටි රෝහල් 132 කට අවශ්‍ය ගිලන් රථ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය අමාත්‍යංශය විසින් ගෙන්වා තිබේ.

    එම ගිලන් රථ රෝහල් වෙත බෙදා දීම ජනවාරි 18 දින සිදුකෙරේ. එංගලන්තයේ “ෆොර්ඩ්” සමාගම නිෂ්පාදනය කරන ලද මෙම ගිලන් රථ වෙනුවෙන් රුපියල් මිලියන 2500 වැයකර තිබේ. මෙම ගිලන් රථ පළාත් සභා රෝහල් 103 කට ද, මධ්‍යම රජයේ රෝහල් 27 කට ද ආයුර්වේද දෙපාර්තමේන්තු රෝහල් 02 කට ද ලබා දෙයි.

    මෙවැනි ගිලන් රථ 250 ක් රෝහල් වලට බෙදාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන ඇත.

    Latest News