දිවුලපිටිය හා මිනුවන්ගොඩට නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය (වීඩියෝ)

ඔක් 04, 2020
  • දිවුලපිටිය හා මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු ඇඳිරිනීතිය පනවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදන කර සිටියි.

    ඒ අනුව දිවුලපිටිය, බෙම්මුල්ල, හොරගස්මුල්ල, වැවගෙදර, හපුවලාන, හේන්පිටියගෙදර, මිනුවන්ගොඩ සහ ගන්හිම්මුල්ල යන ප්‍රදේශවලට ඇඳිරිනීතිය පනවා තිබේ.

    දිවුලපිටියේ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවකට කොවිඩ්19 වෛරසය ආසාදනය වී ඇති බවට අද වාර්තා විය. එම කාන්තාව මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇත.

    මෙම කාන්තාව උණ රෝගී තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුලත් කර ඇති අතර එහිදී රෝගය සුවවී නිවසට යවන අවස්ථාවේදී සිදුකළ PCR පරික්ෂණයකින් ඇයට කොවිඩ් 19 ආසාදිතයෙක් බවට හඳුනා ගෙන ඇත.

    curfew_01.jpg

    ඒ පිළිබඳ අදහස් දක්වන හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා....

     

     

    Latest News