වියළි ගංජා සමඟ 3ක් දැලේ

ඔක් 04, 2020

    වියළි ගංජා කිලෝ ග්‍රෑම් 2ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ රාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින්. සැකකරුවන් විසින් ගංජා අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව පොලිසිය පවසයි. ඔවුන් දොඹගලවෙල, වැදිකුඹුර සහ මොනරාගල යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, ප්‍රදේශයේ ගංජා ජාවාරමේ නිරත වූ ප්‍රධාන පෙළේ සැකකරුවන් බව පොලිසිය පවසයි. සැකකරුවන් අද මොනරාගල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News