ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අද

ඔක් 01, 2020

    ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට යෙදී තිබේ. ළමා දිනයේ තේමාව අපේ රට - අපේ දෑතින් යන්නයි.

    වසංගතය හමුවේ ඇති වැඩිහිටි අභියෝග මෙවර වැඩිහිටි දිනයේ තේමාවයි.

    ලෝක ළමා දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අපේගම පරිශ්‍රයේදී හෙට උදේ පැවැත්වෙයි. ඒ සඳහා පාසල් දරුවන් 350කට අධික සංඛ්‍යාවක් සහභාගී වන බවයි,රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසන්නේ.

    වැඩිහිටි දින සැමරුම් උත්සවය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද සවස පැවැත්විණ.

    Latest News