චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින ශ්‍රී ලංකා සැමරුම

සැප් 29, 2020

    ශ්‍රී ලංකාවේ චීන සංගමය සංවිධාන කළ චීන මහජන සමූහාණ්ඩුවේ 71 වැනි ජාතික දින සැමරුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විණ.

    ඒ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී. චීන රාජවංශය බිඳ වැටීමත් වූචං කැරැල්ල සහ චීන මහජන සමූහාණ්ඩුවේ ආරම්භයත් සිහි කිරීම වෙනුවෙන් සෑම වසරකම ඔක්තෝබර් පළමු වැනි දින චීනය සිය ජාතික දිනය සමරනු ලබයි.

    චීන රජය සංවිධාන කළ ආසියානු කලාපීය පාසල් චිත්‍ර තරගාවලියේ ප්‍රථම,දෙවැනි සහ තෙවැනි ස්ථාන සඳහා සහති පත් සහ ත්‍යාග ප්‍රදානය අග්‍රාමාත්‍යතුමා අතින් සිදු කෙරිණ. මෙයට සමගාමීව,චීන-ශ්‍රී ලංකා පාසල් ළමුන් පවත්වනු ලැබූ චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමට ද අග්‍රාමාත්‍යතුමා එක්විය.

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,හිටපු කතානායක කරු ජයසූරිය,හිටපු අමාත්‍ය ගීතාංජන ගුණවර්ධන,වැඩබලන ශ්‍රී ලංකා - චීන තානාපති හූවෙයි, ශ්‍රී ලංකා චීන සංගමයේ සභාපති ජෙනත් ද සිල්වා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියේය.

    7712866d86f1d275351e66dd075101f896b66a3402155f1076e1d890b803c2a9

    bab7a1538be537029eb3d111db6ffa12b9d284a01f29b71750b42551ee862d5a

    34179b251951d37ca6f69eda4fd323a5ff8c287ebf5b207c2b0b4b41563da555

    f69c1edf4c3ee67892e2442ea6ce06f9e097156032841d637e3ab01b441511f7

    Last modified on අඟහරුවාදා, 29 සැප්තැම්බර් 2020 12:52

    Latest News