බුද්ධිමය දේපළ නඩුවෙන් පා.ම. විමල් වැරදිකරු(වීඩියෝ)

ජන 11, 2019
  • පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් රචිත "නැත්ත වෙනුවට ඇත්ත" ග්‍රන්ථය සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට අයත් ලිපි ලේඛන ඇතුළත් කිරීමට වැරදිකරු වෙයි.

    එම පක්ෂයේ අවසරයකින් තොරව අදාළ තොරතුරු ඇතුලත් කිරීම තුලින් වීරවංශ මහතා බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කර ඇතැයි කොළඹ වාණිජ මහාධිකරණය තීන්දු කළේය.

    ඒ වෙනුවෙන් විමල් වීරවංශ මන්ත්‍රීවරයා විසින් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා වෙත රුපියල් මිලියන 10 ක වන්දියක් ගෙවිය යුතු බවට වාණිජ මහාධිකරණ විනිසුරු රුවන් ප්‍රනාන්දු මහතා තීන්දුවෙන් සඳහන් කළේය.

    නඩුව ගොනු කළේ ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා වන අතර මේ සඳහා දීර්ඝ නඩු විභාගයක් පැවැත් විණ.

    iframe width="560" height="315" src="https://www.youtube.com/embed/mdMJAZhEaLI" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen>
    Last modified on සෙනසුරාදා, 12 ජනවාරි 2019 16:37

    Latest News