නිරෝධායන අවසන් 162ක් අදත් නිවෙස් වෙත

සැප් 23, 2020

    අද (23) දිනය තුළ ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පුද්ගලයින් එකසිය හැට දෙදෙනෙක් (162) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.

    ඒ අනූව,නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් එකොළොස් දෙනෙක්, පෙරියකාඩු නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දාහත් දෙනෙක්, පැල්වෙහෙර නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් හැත්තෑ හත් දෙනෙක්, හොටෙල් ජෙට්වින් සී නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් පනස් දෙනෙක් හා රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් හත් දෙනෙක් ඊට අයත් එසේම අද (23) දිනය වන විට පුද්ගලයින් 43,895 දෙනෙක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.

    එසේම අද (23) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 68ක් තුල පුද්ගලයින් 7,120 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටියි.

    Latest News