හල්ඔලුව විද්‍යාලයට ජපන් ආධාර

ජන 11, 2019

    කෑගල්ල හල්ඔලුව කනිෂ්ඨ විද්‍යලයේ පහසුකම් වැඩිදියුණු කිරීමට ජපාන රජයේ සහය පළ වේ.

    ඊට අදාළ ව්‍යාපෘති ගිවිසුමට අත්සන් කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා සහ පාසලේ විදුහල්පතිනි එම්. එන්. වල්පොල මහත්මිය විසිනි.

    හල්ඔලුව කනිෂ්ඨ විද්‍යාලයේ පහසුකම් සංවර්ධනයට ජපන් රජයෙන් රුපියල් මිලියන 14 ක ප්‍රදානයක් ලැබේ. ඒ ජපානයේ, බිම් මට්ටමේ මානව ආරක්ෂණය සඳහා වන ආධාර ව්‍යාපෘතිය යටතේ වන අතර එමගින් අධ්‍යාපනික සහ සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කෙරේ. පන්ති කාමර හා ඊට අවශ්‍ය උපකරණ, නව ප්‍රවේශ මාර්ගයක්, ක්‍රීඩා පිටියක් ඇතුළු තවත් පහසුකම් මෙම ව්‍යාපෘති යටතේ ලබාදීමට නියමිතයි.

    Latest News