පළාත් කිහිපයකට අදත් වැසි

සැප් 22, 2020

    සබරගමුව,බස්නාහිර පළාත්වල අද (22) විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    මධ්‍යම,උතුරු මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකියි.

    උතුරු,උතුරු මැද හා වයඹ පළාත්වලත්,ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත්,මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමීටර් 50ක පමණ තද සුළං ඇතිවිය හැකි බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.

    Latest News