සියඹලාණ්ඩුව ප්‍රධාන හෙරොයින් ජාවාරම්කරුවෙක් අල්ලයි

සැප් 18, 2020

    මොනරාගල, සියඹලාණ්ඩුව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් 220ක් සමග එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු සියඹලාණ්ඩුව ප්‍රදේශයේ හෙරොයින් ජාවාරමට සම්බන්ධ ප්‍රධාන පෙළේ සැකකරුවෙක් බවට තොරතුරු අනාවරණය වී ඇත.

    ඔහු පස්සර ප්‍රදේශයේ සිට මෙම හෙරොයින් රැගෙන සියඹලාණ්ඩුව ප්‍රදේශයට පැමිණෙන අවස්ථාවේ දී ලද තොරතුරක් අනූව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

    සැකකරු අද සියඹලාණ්ඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මොනරාගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් සිදු කරයි.

    Latest News