නිරෝධායන අවසන් තවත් 11ක් නිවෙස් වෙත

සැප් 15, 2020

    අද දින (15) ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුලින් එකොළොස් දෙනෙක් (11) තම නිරෝධායන කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.

    ඒ අනූව, නිපුන බූස්ස නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පුද්ගලයින් නව දෙනෙක් (09) රාජගිරිය ආයුර්වේද නිරෝධායන මධ්‍යස්ථානය තුලින් පුද්ගලයින් දෙදෙනෙක් (02) ද නිවෙස් වෙත පිටත්ව යාමට නියමිතයි.

    එසේම අද (15) දිනය වන විට ත්‍රිවිධ හමුදාව මගින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 60ක් තුළ පුද්ගලයින් 6,142ක් නිරෝධායනය වෙමින් සිටියි. අද දින වන විට පුද්ගලයින් 41,113ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් ඇත.

    මේ වන විට ශ්‍රී ලංකාව තුළ පීසීආර් පරීක්ෂණ 256,043ක් සිදුකර තිබේ. එසේම 13 වැනි දින සිදුකළ සම්පූර්ණ පීසීආර් පරීක්ෂණ ප්‍රමාණය 1920ක්.

    Last modified on අඟහරුවාදා, 15 සැප්තැම්බර් 2020 08:14

    Latest News