මෙරට 13 වන කොවිඩ්19 මරණය වාර්තා වෙයි

සැප් 14, 2020

    අද පස්වරු හලාවත මුලික රෝහලේදී මියගිය රෝගියා කොවිඩ් 19 ආසාදිත රෝගියෙක් බව විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර තහවුරු කරයි.

    මෙය ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ 13 වන කොවිඩ් 19 ආසාදිත මරණයයි.

    මෙසේ මියගොස් ඇත්තේ 60 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඔහු නාවිකයෙක් ලෙස සේවය කළ අයෙක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.

    බහරේන් සිට මෙම පුද්ගලයා ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ සැප්තැම්බර් 02 වන දිනයි. ඒ අවස්ථාවේදී ඔහු කොවිඩ්19 රෝගියෙකු ලෙස හඳුනාගෙන නොමැති අතර නිරෝධායනයට ලක්වෙමින් සිටින අතරවාරයේදී සැප්තැම්බර් මස 09 වන දින හලාවත රෝහලට ඇතුලත් කොට ඇත.

    මෙම මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ හෘදයාබාධයක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

    ඒ අනුව මෙරටින් වාර්තා වූ කොවිඩ් 19 රෝගීන් 3,235ක ගෙන් 3005 ක් සුවය ලබා ඇති අතර 13 දෙනෙකු මරණයට පත් ව තිබේ. තවත් 217ක් රෝගීන් රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර 56 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.

    Latest News