රට සංවර්ධනයට අංගසම්පූර්ණ අලුත් ව්‍යවස්ථාවක් සකස් කළ යුතුයි - අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්

සැප් 14, 2020

    “විසිවන සංශෝධනය අනුව රටට අංගසම්පූර්ණ අලුත් ව්‍යස්ථාවක් අවශ්‍යයි.

    කරුණු ගැඹුරින් අධ්‍යයනය කරලා මේ ව්‍යවස්ථාව සකස් කළ යුතුයි. ජනතාව විසින් පත් කළ ජනාධිපතිවරයා ජනතාවට වගකිව යුතුයි. විශේෂයෙන්ම මේ වන විටත් පාසල්වල පවත්නා විෂමතා, විෂය මාලා නවීකරණය, පිරිවෙන් අධ්‍යාපනය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි ප්‍රගතිය සොයාබැලීමට, අඩු පාඩු හදුනාගැනීමට දිනවකවානු සැලසුම් කර තිබෙනවා”යැයි අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

    අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්  බැහැදැකීමට ගිය අවස්ථාවේ දී මේ අදහස් පළ කරන ලදී.

    විශේෂයෙන් ම මානව සම්පත් සංවර්ධනයට අවශ්‍ය ආයතන පහක් සම්බන්ධීකරණය කරලා එක් අමාත්‍යාංශයක් යටතේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිතුමා පියවර ගෙන ඇති බව ද මෙහි දී වැඩිදුරටත් පැවසීය.

    20 වන සංශෝධනය තුළින් ජනාධිපතිවරයාට වැඩි බලතල ලබාදෙන බව, ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් වෙනවාය යන්න සම්පූර්ණයෙන් ම වැරදි මතයක් බවත්, මුලු රටේ ම වැඩි ඡන්දයෙන් පත්වූ කෙනෙකුට රටේ යාන්ත්‍රණය සකස් කිරීමට තීරණ ගැනීමේ ශක්තියක් තිබිය යුතු බවත් මෙහි දී අදහස් දක්වමින් ආචාර්ය හේමරතන හිමියන් සඳහන් කළහ. වැඩිදුරටත් මෙහි දී අදහස් පළ කළ ආචාර්ය උඩුගම්පොළ හේමරතන හිමියන් පැවසූයේ, “මෑතක දී අපි පහුකළේ අතිශයින් ම අකර්මණ්‍ය පාලනයක්. අලුත් රජයෙන් ඉක්මණින් ලොකු සේවාවක් සිදුවේවි කියලා ජනතාව බලාපොරොත්තු වෙනවා. අලුත් සංශෝධනයක් ලැබුණේ නැත්නම් ජනාධිපතිතුමාට ඒ සේවාව කරන්න අමාරුයි. සමහරු මේ සංශෝධනය හොඳ නෑ කියලා ප්‍රජාතන්ත්‍රවාදී රාමුවට මුවාවෙලා මේක අවුල් කරන්න හදනවා...” යනුවෙනි.

    Last modified on සදුදා, 14 සැප්තැම්බර් 2020 18:18

    Latest News