“නිව් ඩයමන්ඩ්” තත්වය සමාලෝචනයක් සඳහා නියෝජිතවරුන් 2ක් මෙරටට (වීඩියෝ)

සැප් 12, 2020
  • ගිනිගත් එම්.ටී. “නිව් ඩයමන්ඩ්” නෞකාවේ තත්වය සමාලෝචනයක් සඳහා අන්තර්ජාතික තෙල් නැව් හිමිකරුවන්ගේ සංවිධානයේ නියෝජිතවරුන් දෙදෙනෙකු මෙරටට පැමිණ තිබේ.

    ඔවුන් අද ගුවනින් නෞකාව නිරීක්‍ෂණය කළ බව, සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සභාපති දර්ශනී ලහදපුර මහත්මිය සඳහන් කළාය.

    නෞකාව, මේ වනවිට මඩකලපුවට නැගෙනහිරින් නාවික සැතපුම් 45ක් වූ ගැඹුරු මුහුදේ රඳවා තිබේ. නාවික හමුදා කිමිදුම්කරුවන් ඊයේ කළ මෙහෙයුමේ දී නෞකාවේ පිටුපස වම්පසින් නෞකාවට මුහුදු ජලය ලබාගන්නා විවර දෙකට සම්බන්ධ අභ්‍යන්තර නල පද්ධතියට හානිවී ඇති බවට නිරීක්‍ෂණය විය.

    අනතුරුව, එම විවරය වසා දැමිණ. ඉන් දැවි තෙල් මිශ්‍ර ජලය මුහුදට කාන්දු වෙමින් පැවතීම ඊට හේතුවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා සහ ඉන්දීය වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව මෙන්ම, ඉන්දීය නාවික හමුදාවට අයත් නෞකා හා යාත්‍රා තවත් පාර්ශවකරුවන් පිරිසක් මෙහෙයුමට එක්ව සිටියහ.

    Last modified on සෙනසුරාදා, 12 සැප්තැම්බර් 2020 20:06

    Latest News