නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා කෙරේ

සැප් 11, 2020

    ගිනි ගැනීමට ලක්වූ නිව් ඩයමන්ඩ් ඉන්ධන ප්‍රවාහන නෞකාවේ කපිතාන්වරයා හුදෙකලා මධ්‍යස්ථානයක් වෙත යොමුකර තිබේ.

    ඒ ගාල්ලට රැගෙන ඒමෙන් අනතුරුවය. කොරෝනා මාර්ගෝපදේශවලට අනුව ඔහු කල්මුණේ සිට ගාල්ලට රැගෙන ඒමේ කටයුතු සිදුකළ බවයි,නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා සඳහන් කළේ

    ඒ අනුව කපිතාන්වරයා නාවිකයන් රඳවන හුදෙකලා මධ්‍යස්ථානයේ රඳවා සිටි.

    අතරතුර නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ නීතිමය තත්ත්වයන් පිළිබඳව කටයුතු සිදු කිරීමට නියමිතයි.

    Latest News