නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන් අලුත්කඩේ අධිකරණයට

සැප් 28, 2020

    ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ගිනි ගැනීමට ලක්වූ “MT නිව් ඩයමන්ඩ්“ නෞකාවේ ග්‍රීක ජාතික කපිතාන් තිරෝස් හිලියාස් මහතා කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබේ.

    පසුගිය සැප්තැම්බර් මස 17 වැනි දින කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා විසින් නොතීසි නිකුත් කරමින් කපිතාන්වරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැන්වීය.

    විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විසින් කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කර තිබුණි.

    Latest News